ෆොරෙක්ස් මූලික දැනුම ∕ විදේශ විනිමය හුවමාරු වෙළෙඳාමෙහි මූලික සංකල්ප - Uniglobe Markets

ෆොරෙක්ස් මූලික දැනුම ∕ විදේශ විනිමය හුවමාරු වෙළෙඳාමෙහි මූලික සංකල්ප

ෆොරෙක්ස් මූලික දැනුම ∕ විදේශ විනිමය හුවමාරු වෙළෙඳාමෙහි මූලික සංකල්ප

FX හෝ ෆොරෙක්ස් මගින් විස්තර කෙරෙනුයේ, ලොව විවිධ රටවලට අදාළ විවිධ මුදල් වර්ග ගණුදෙනු කෙරෙන විදේශ විනිමය හුවමාරු වෙළෙඳපොළ පිළිබඳවයි. විදේශ විනිමය හුවමාරු වෙළෙඳපොළ ලොව පවතින සුවිශේෂීම සහ විශාලතම මූල්‍ය වෙළෙඳපොළ බවට පත්ව ඇත්තේ එහි ඇති දැවැන්ත ධාරිතාවය සහ වේගවත් ගලායාම හේතුකොටගෙනය, මෙහි දිනකට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4 කට අධික වටිනාකමකින් යුතු ගණුදෙනු සිදුවන අතර එය කොටස් වෙළෙඳපල විශාලත්වය මෙන් 10 ගුණයකට ආසන්නය. විදේශ විනිමය හුවමාරු වෙළෙඳාම සඳහා මධ්‍යගත වූ වෙළෙඳපළක් නොමැතිවීම යන කාරණය නිසා, දී ඇති ඕනෑම අවස්ථාවකදී විවෘතව පවතින කුමක් හෝ වෙළෙඳපළක් තුළදී මූල්‍ය වෙළෙඳාම සිදුකිරීමට ඇති හැකියාව, ගණුදෙනුකරුවන්ට සති අන්ත වලදී හැරුණුවිට සතියේ දින 5 ම දවසේ පැය 24 පුරාම විදේශ විනිමය මිලදී ගැනීමට සහ විකිණීමට ශ්‍රේෂ්ඨ අවස්ථාවක් නිර්මාණය කරනු ලබයි.

ප්‍රධාන වශයෙන් විදේශ විනිමය හුවමාරු වෙළෙඳපළ සඳහා සහභාගි වන්නේ වාණිජ සහ මහ බැංකු, විශාල සමාගම් සහ හෙජ්-අරමුදල් වේ. කෙසේවෙතත් මෙය ආරම්භ කිරීම සඳහා ඔබ සතුව ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් හෝ දහස් ගණනක් තිබිය යුතු නොවේ ! ලීවරණය සහ සීමාන්තික වෙළෙඳාම නිසා, ඔබටත් $100 හෝ $500 වැනි මුදලකින් ආරම්භ කර ප්‍රධාන වෙළෙඳපළ සහභාගීවන්නන් ලෙස එම වෙළෙඳ කොන්දේසිම අත්විදීමට අවස්ථාව උදාවී ඇත.
අවම අගයකට මිලදී ගෙන වැඩි අගයකට විකිණීම සාර්ථකත්වය සඳහා වන උපායමාර්ගයයි. අනෙක් ආකාරය වන්නේ වැඩි අගයකදී විකුණා අඩු අගයකදී මිලදී ගැනීමයි. විදේශ විනිමය හුවමාරු වෙළෙඳාමේදී සළකන ලද මුදල් වර්ගයක වටිනාකම ඉහළ යෑමේදී හෝ පහළ යෑමේදී යන ඕනෑම අවස්ථාවකදී ඔබට මුදල් ඉපයීමට මාර්ගයක් පවතී. මිලදී ගැනීමට හෝ විකිණීමට සුදුසු අවස්ථාවන් හඳුනා ගැනීමෙන් සාර්ථක ප්‍රථිඵල අත්කරගත හැකිය. මේ සඳහා වෙළෙඳපොළ විශ්ලේෂණ, තාක්ෂණික සූචක, වෙළෙඳ සංඥා, සහ ස්ව්‍යංක්‍රීය වෙළෙඳ පද්ධති උපකාරී වනු ඇත.


දැන් අපි උදාහරණයක් සළකා බලමු :

විදේශ මුදල් වෙළෙඳාම සිදුකෙරෙනුයේ මුදල් යුගල ලෙස සළකා වන අතර මුදල් යුගලක ප්‍රථමයෙන් ඇති මුදල් වර්ගය පදනම් මුදල් වර්ගය ලෙස හඳුන්වනු ලැබේ උ.දා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යූරෝ එකක් යන්න (EUR/USD) ලෙස ලියා දක්වනු ලැබේ. විදේශ විනිමය හුවමාරු ගණුදෙනුවකට එකම අවස්ථාවකදී එක් මුදල් වර්ගයක් මිලදී ගැනීම සහ අනෙක් මුදල් වර්ගය විකිණීම යන ක්‍රියාවලි දෙක අන්තර්ගත වේ. විනිමය අනුපාතය මගින් එක් මුදල් වර්ගයකට සාපේක්ෂව අනෙක් මුදල් වර්ගයේ වටිනාකම පිළිබිඹු කරයි.

උදාහරණයක් ලෙස, EUR/USD 1.11762/1.11779 යන මිල ඉදිරිපත් කිරීම මගින් යූරෝ 1 ක් මිලදී ගැනීම සඳහා කොපමණ ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වන්නේද යන වග පෙන්නුම් කරයි. විනිමය හුවමාරු අනුපාත දවසේ වේලාව, රටේ මහ බැංකු අනුපාතය, රජයේ ප්‍රතිපත්ති, වෙළෙඳපළ මනෝභාවයන් සහ තවත් බොහෝ කාරණා මත පදනම්ව සෑම විටම ඉහළ පහළ යමින් පවතී.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යූරෝ මිල ඉහළ නගිනු ඇත ( EUR/USD) සඳහා ඉහළයෑමේ නැඹුරුතාවක් ) යන වෙළෙඳපළ පුරෝකථනය උපකල්පනය කරමු. ඔබ ඇමරිකානු ඩොලර් මගින් යූරෝ මිලදී ගැනීමට තීරණය කර ඇත ( EUR/USD මත මිලදී ගැනීමේ ඇණවුමක් ). ටික වේලාවකට පසු ඔබ එම යූරෝ ඉහළ අගයකට විකිණීමට තීරණය කර ඇත ( EUR/USD මත පිහිටවූ ගණුදෙනුව අවසන් කිරීමට). එවිට ඔබගේ ලාභය වනුයේ ගණුදෙනුව ආරම්භ කළ සහ අවසන් කළ මිලගණන් අතර වෙනසයි.

විදේශ විනිමය හුවමාරු වෙළෙඳාමේ වාසි

විදේශ විනිමය හුවමාරු වෙළෙඳාම ලෝකයේ සීඝ්‍රයෙන්ම වර්ධනය වන වෙළෙඳපළ බවට පත් වීමට තුඩු දී ඇති හේතු විස්තර කෙරෙන, විදේශ විනිමය හුවමාරු වෙළෙඳාමෙහි ඇති වාසිදායක තත්වයන් කිහිපයක් පහතින් දක්වා ඇත.


පැය 24/5 වෙළෙඳපලකි

ෆොරෙක්ස් ( විදේශ විනිමය හුවමාරුව ) හි ඇති ප්‍රධානනතම වාසිදායක තත්ත්වය වනුයේ, එය සතියේ දින 5 ම පැය 24 පුරාම විවෘතව පවතින වෙළෙඳපළක් බැවින් ගණුදෙනුකරුවන්ට ඉරිදා රාත්‍රියේ සිට සිකුරාදා රාත්‍රිය දක්වාම විදේශ විනිමය මිලදී ගැනීමට සහ විකිණීමට හැකියාව උදා කර දී තිබීමයි. සැබෑ පැය – 24 වෙළෙඳපළක් වන විදේශ විනිමය හුවමාරු වෙළෙඳාම, සෑම දිනයකදීම සිඩ්නිහිදී ආරම්භ වී එක් එක් මූල්‍ය මධ්‍යස්ථාන සඳහා ව්‍යාපාර දිනය ඇරඹෙන ආකාර වලට අදාලව, ප්‍රථමයෙන්ම ටෝකියෝ, දෙවනුව ලන්ඩන්, තුන්වනුව නිව්යෝක් ආදී වශයෙන් ලොව වටා ගමන් කරයි. මෙම මූල්‍ය මධ්‍යස්ථාන කිහිපයකටම අදාළ වන කාල කළාප අතිච්ඡාදනය වන විට උපරිම ද්‍රවශීලතාවය ඇතිවීම සිදුවේ.


ඉහළ ද්‍රවශීලතාවය

විදේශ විනිමය හුවමාරු වෙළෙඳපළ සතු තවත් එක් ප්‍රධාන වාසියක් වන්නේ එහි පවතින සුපිරි ද්‍රවශීලතාවයයි. විදේශ විනිමය හුවමාරු වෙළෙඳපළ යනු ලොව වැඩිම ද්‍රවශීලතාවය පවතින වෙළෙඳපළයි. මෙය අනෙකුත් මූල්‍ය වෙළෙඳපළවල් සහ විදේශ විනිමය හුවමාරු වෙළෙඳපළ අතරෙහි පවතින තවත් එක් ප්‍රධාන වෙනස්වීමේ සාධකයකි. විදේශ විනිමය හුවමාරුවේදී සෑමවිටම මිලදී ගැනීම හෝ විකිණීම අපේක්ෂා කරන ගණුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ. එනිසා මෙය කිසිදා නොනිදන වෙළෙඳපළ ලෙස හැඳින්විය හැකිය.


අවම ආයෝජනය

සාමාන්‍යයෙන් විදේශ විනිමය හුවමාරු වෙළෙඳාමට ඇතුළු වීම සඳහා අවශ්‍ය වනුයේ අනෙකුත් මූල්‍ය වෙළෙඳපළ වලට ඇතුළු වීමට අවශ්‍ය වන මුදලට වඩා ඉතා අඩු මුදලකි. විදේශ විනිමය හුවමාරුවේදී ලීවරණය කරන ලද ( හෝ සීමාන්තික ) වෙළෙඳාම සිදුකෙරෙන බැවින් ඔබගේ තැම්පතුවේ සීමාන්තිකයේ විශාලත්වය මත වැඩි අවස්ථාවන් සංඛ්‍යාවක් අරමුදල් කියාත්මක කරවීමට ඔබට ඉඩ ලබා දෙයි.


ලීවරණය

සාමාන්‍යයෙන් විදේශ විනිමය හුවමාරු වෙළෙඳාම සිදුකරනුයේ ලීවරණයක් යොදා ගනිමිනි. අඩු මූලික වියදමකින් විශාල වටිනාකමකින් යුතු ගණුදෙනුවක් පාලනය කිරීමට ලීවරණය මගින් ඉඩ සැලසේ. උදාහරණයක් ලෙස යම්කිසි ගණුදෙනුකරුවෙකුගේ වෙළෙඳ ගිණුම තුළ $200 ක් සහ 500:1 ලීවරණය ඇත්නම් එම ගණුදෙනුකරුට $100,000 ක වටිනාකමින් යුතු ගණුදෙනුවක් වුවද විවෘත කිරීමට හැකි වනු ඇත.


ඉහළ නගින සහ පහළ වැටෙනෙ වෙළෙඳපළ දෙකෙහිම වෙළෙදාම් කිරීමේ හැකියාව

විදේශ විනිමය හුවමාරු වෙළෙඳාම තුළදී සෑමවිටම ඔබට ඕනෑම දිශාවකට ගණුදෙනු සිදුකර මුදල් ඉපයීමට අවස්ථාව ඇත. එයින් අදහස් වන්නේ යම්කිසි විනිමය යුගලක වටිනාකම ඉහළ යනු ඇතැයි ඔබ විශ්වාස කරන්නේ නම් ඔබට එය මත මිලදී ගැනීම නොහොත් ‘ දීර්ඝ ගමන’ ගණුදෙනුවක් සිදුකර ලාභ ලැබීමට හැකියාව පවතී. ඒ ආකාරයටම යම්කිසි විනිමය යුගලක වටිනාකම පහළ යනු ඇතැයි ඔබ විශ්වාස කරන්නේ නම් ඔබට එය මත විකිණීමේ නොහොත් ‘ කෙටි ගමන ’ ගණුදෙනුවක් සිදුකර ලාභ ලැබීමට හැකියාව පවතී.


සම්මත නොකළ ගිවිසුම් ප්‍රමාණයන්

විදේශ විනිමය හුවමාරුව යනු කවුන්ටරයට එපිට වෙළෙඳපළකි එනම් හුවමාරුවකදී මෙන් නොව ගිවිසුම් ප්‍රමාණයන් තැරැව්කරු විසින් තීරණය කිරීමට ඉඩ ඇත. මෙහි අදහස වනුයේ විදේශ විනිමය හුවමාරු ගණුදෙනුකරුවන්ට ගණුදෙනු කළ හැකි නිශ්චිත කොටස් ප්‍රමාණයක් නොමැති අතර කොටස් 0.01 (ක්ෂූද්‍ර කොටස් 1) සහ කොටස් 1 (ඒකක 100,000 ) අතරෙහි ඕනෑම වටිනාකමක ගණුදෙනු සිදුකළ හැකිය. මෙමගින් ගණුදෙනුකරුවන්ට ඔවුන්ගේ අවදානම කළමනාකරණය කරගැනීමට මහගු අවස්ථාවක් උදාවේ. 


ස්ව්‍යංක්‍රීය වෙළෙඳාම

ඔබ තවදුරටත් ප්‍රස්ථාර අධ්‍යයනය කරමින් සහ සිදුවන සියළුම මිල වෙනස් වීම් දෙස බලා සිටිමින් පැය ගණන් ඔබගේ පරිඝණකය ඉදිරිපිට හිඳගෙන කාලය මිඩංගු කිරීම අවශ්‍ය නැත. ස්ව්‍යංක්‍රීය සූචක සහ වෙළෙඳ සංඥා මගින් සියළුම වැදගත් සිදුවීම් සහ නැඹුරුතා හැරවුම් පිළිබඳව එසැණෙන් ඔබව දැනුවත් කෙරෙනු ඇත. ඊට අමතරව ඔබට ආවේණික වූ හෝ වෙනත් අයෙකුගේ ඔප්පු කරන ලද වෙළෙඳ උපායන් මත පදනම් වූ විශේෂඥ උපදේශක වල වාසියද ඔබට ලබා ගත හැකිය. විශේෂඥ උපදේශක ඔබගේ සහභාගීත්වයක් නොමැතිව ස්ව්‍යංක්‍රීයව වෙළෙඳාම සිදු කරනු ලබයි.


විනිවිදභාවය

හුවමාරුව පදනම් කරගත් සමහර වෙළෙඳපළවලදී, වඩා බලවත් ගණුදෙනුකරුවන් විසින් ඔවුන්ට වාසිදායක වන ආකාරයට සමාගම් කොටස් හෝ වෙළෙඳ භාණ්ඩ වල වටිනාකම් චලනය කරවන බව දැන ගන්නට ලැබී තිබේ. නමුත් විදේශ විනිමය හුවමාරු වෙළෙඳපළ තුළ පවතින ගැඹුරු ද්‍රවශීලතාවය හේතුවෙන් කිසිදු විටෙකත් කිසිදු බලවත් ගණුදෙනුකරුවෙකුට එවන් ආකාරයට කටයුතු කරමින් සාමාන්‍ය ගණුදෙනුකරුවන්ට බාධා පැමිණවීම සිදු කළ නොහැකිය.

Copyright © 2015-2019 uniglobemarkets.com.All rights reserved.
Request a Call Back
ප්‍රතිපෝෂණ