තාක්ෂණික විශ්ලේෂණය - Uniglobe Markets

තාක්ෂණික විශ්ලේෂණය

තාක්ෂණික විශ්ලේෂණය

තාක්ෂණික විශ්ලේෂණය යනු විවෘත පොළී අනුපාතය, වෙළෙඳපළ ධාරිතාවය, ප්‍රාථමික මිල ගණන් සහ ඓතිහාසික වෙළඳපල දත්ත අධ්‍යයනය කිරීම තුළින් මිල ගණන් වල අනාගත දිශානතිය පුරෝකතනය කිරීමට යොදාගනු ලබන ක්‍රමවේදයකි.

තාක්ෂණික වෙළෙන්දන් විසින් ඔවුන්ගේ වෙළෙඳ තීරණ ගැනීමේ දී ( පසුගිය මිල ගණන් සහ වෙළෙඳපළ ධාරිතාවය වැනි ) වෙළෙඳ තොරතුරු සමඟ ගණිතමය සූචක භාවිතා කරනු ලබයි. මෙම තොරතුරු සජීවීව යාවත්කාලීන වන ප්‍රස්ථාරික සටහනක් මගින් පෙන්නුම් කෙරෙන අතර සළකන ලද නිපැයුමක් මිලදී ගන්නවාද විකුණනවාද යන වග තීරණය කිරීම සඳහා අර්ථ නිරූපණය කිරීමක් සිදු කෙරේ.

නවීන තාක්ෂණික විශ්ලේෂණයේ පදනම පහත දක්වා ඇති කරුණු මත ගොඩනැගී ඇත:

• විනිමය අනුපාතය යනු සියළුම වෙළෙඳපළ බලවේග වල පුළුල් පිළිබිඹුවකි. දී ඇති ඕනෑම අවස්ථාවකදී , සියඵම වෙළෙඳපල තොරතුරු සහ බලවේග විනිමය අනුපාතය තුළින් පිළිබිඹු වේ.

• හඳුනාගත හැකි දිශානති වලට නැඹුරුව විනිමය අනුපාත චලනය වන අතර ඒවා ලාභ ලැබීමේ අවස්ථාවන් බවට හරවා ගත හැකිය.

• විනිමය අනුපාත සංචලන ඉතිහාසය පුනර්වර්තීය වේ.

සෑම විටකදීම සෑම වෙළෙන්දෙකුම තාක්ෂණික විශ්ලේෂණය යම් තරමකින් හෝ භාවිතා කරනු ලබයි. මූලධර්ම විශ්ලේෂණ වෙළෙන්දන් පවා ගණුදෙනුවක් සිදුකිරීමට පෙර විනිමය අනුපාත ප්‍රස්ථාර දෙසට අවධානය යොමුකරන්නේ මෙම ප්‍රස්ථාර වෙළෙන්දන් හට තම ගණුදෙනු සඳහා කදිම ආරම්භකිරීමේ සහ අවසන්කිරීමේ ලක්ෂයන් තීරණය කර ගැනීමට උපකාර කරන බැවිනි. අධ්‍යයනය කෙරෙන කුමන හෝ නිපැයුමකට අදාල වන පසුගිය වටිනාකම් ක්‍රියාත්මක වූ ආකාරයේ දෘශ්‍ය නිරූපණයක් ප්‍රස්ථාර මගින් ඉදිරිපත් කෙරේ. නැඹුරුතාවයේ දිශානතිය වෙනස්වීම පිළිබඳව අවධානය යොමු කළ විට, වෙළෙඳාමට ඇතුළත් විය යුතු කාලය නිශ්චය කිරීමේ ගැටලුවට තාක්ෂණික විශ්ලේෂණය මගින් පහසුවෙන් විසඳුම් සොයා ගත හැකිය.


ප්‍රස්ථාර විශ්ලේෂණය

විදේශ විනිමය හුවමාරු ප්‍රස්ථාර විශ්ලේෂණය යනු තාක්ෂණික විශ්ලේෂණයේ මූලික මෙවලමකි. සාමාන්‍යයෙන් ප්‍රස්ථාර මගින් මූල්‍ය වෙළෙඳපළ මගින් ලබා ගන්නා සියළුම දත්ත නිරූපනය කෙරෙන අතර, ඔබ කුමන ප්‍රස්ථාරය නිරීක්ෂණය කළත්, ඒ සෑම ප්‍රස්ථාරයකින්ම ඉතා වැදගත් සහ සවිස්තරාත්මක තොරතුරු පළකෙරේ. මේ අනුව විදේශ විනිමය හුවමාරු වෙළෙඳපළ මත ඔබගේ සාර්ථකත්වය ඍජුවම ඔබගේ ප්‍රස්ථාර විශ්ලේෂණ හැකියාව මත රදා පැවතෙනු ඇත. වෙළෙන්දන් නිරන්තරයෙන් එම ප්‍රස්ථාර සමඟ ක්‍රියා කරන්නේ ඒවා භාවිතය වඩාත් පහසු වීමත් සහ පහසුවෙන් තේරුම්ගැනීමට හැකිවීමත් නිසා ඔවුන්ගේ පෞද්ගලික අභිමතයන් සහ අවශ්‍යතා හොඳින් ඉටුකර ගත හැකි බැවිනි. ප්‍රස්ථාර කාළ රාමුව මිනිත්තු, පැය, දින, හෝ සති වලින් පළ කළ හැකිය.

ප්‍රධාන ප්‍රස්ථාර වර්ග වලට ඇතුළත් වන්නේ රේඛා ප්‍රස්ථාර, දඬු ප්‍රස්ථාර, සහ ඉටිපන්දම්කූරු ප්‍රස්ථාර වේ.


දඬු ප්‍රස්ථාර

මෙම ප්‍රස්ථාර වලදී එක් දණ්ඩක් මගින් එක් කාළ පරාසයක් ඉදිරිපත් කෙරෙන අතර එම කාළ පරාසය මිනිත්තුවේ සිට මාසයක් දක්වා හෝ අවුරුද්දක් දක්වා ඕනෑම පරාසයක් විය හැකිය. සරල දඬු ප්‍රස්ථාරක් ආරම්භක සහ අවසාන මිලගණන් මෙන්ම උපරිම සහ අවම මිලගණන්ද පෙන්නුම් කරයි. සිරස් දණ්ඩක පහළම ලක්ෂයෙන් එම කාළ පරාසය සඳහා වන අවම මිල පෙන්නුම් කරන අතර, ඉහළම ලක්ෂයෙන් උපරිම මිල පෙන්නුම් කරයි.


ඉටිපන්දම් කූරු ප්‍රස්ථාර

ඉටිපන්දම් කූරු රටා වෙළෙඳපළ පුරෝකතනය කිරීම උදෙසා පාවිච්චි කළ හැකිය. ඉටිපන්දම් කූරු වල වර්ණ ගැන්වූ කඳන් වලින් දඬු ප්‍රස්ථාර වලට වඩා හොඳ දෘෂ්‍ය සවිස්තර විස්තරයක් සැපයෙන බැවින් ඒවා අනුගමනය කිරීම වඩාත් පහසුය.

ඉටිපන්දම් කූරු සටහනක සිරස් රේඛාවකින් උපරිමයේ සිට අවමය දක්වා මිලගණන් සූචනය කෙරේ. මෙම සටහනේ මැද පවතින කඳ කොටසින් ආරම්භක සහ අවසාන මිලගණන් අතර පරාසය සූචනය කෙරේ. මැද පවතින මෙම කඳ කොටස වර්ණ ගන්වා ඇත්නම් එමගින් නිරූපනය කෙරෙන විනිමය වර්ගයේ අවසාන මිලගණන ආරම්භයට වඩා පහලින් පැවති බව නිරූපණය කෙරේ.


රේඛා ප්‍රස්ථාර

රේඛා ප්‍රස්ථාර සාමාන්‍යයෙන් මූල්‍යකරණයේදී සහ විදේශ විනිමය හුවමාරුවේ විශේෂ අවස්ථා වලදී භාවිතා කෙරෙන එක්තරා මූලික ප්‍රස්ථාර වර්ගයකි. දත්ත ලක්ෂ්‍යය මාලාවක් රේඛාවක් ඔස්සේ එකිනෙකට යා කිරීමෙන් මෙම වර්ගයේ ප්‍රස්ථාර පිළියෙළ කෙරේ; සාමාන්‍යයෙන් එක් අවසාන මිලගණනක සිට මීලග අවසාන මිලගණනට රේඛා ඇඳීම සිදුකෙරේ.
රේඛා ප්‍රස්ථාර දී ඇති කාල පරාසයක් පුරාවට සිදුවන සාමාන්‍ය මිල උච්චාවචනයේ පැහැදිලි නිරූපණය කිරීමක් සපයයි. රේඛා ප්‍රස්ථාර බහුලව ජනප්‍රිය වීමට ප්‍රධානතම හේතුවක් වනුයේ ඒවා මගින් මිලගණන් සම්බන්ධයෙන් වාර්තා කර තැබිය යුතු එක් වැදගත්ම අංගයක් වන අවසාන මිලගණන් සටහන් කිරීමයි.


තාක්ෂණික සූචක

ප්‍රස්ථාර රටා අධ්‍යයනයට අමතරව, වෙනත් විවිධාකාරයේ සහ අති සූක්ෂම තාක්ෂණික මෙවලම් සහ ගණිතමය සූචක විශාල ප්‍රමාණයක් පවතී. බහුලව භාවිතා කෙරෙන තාක්ෂණික දර්ශක , ආධාරක සහ ප්‍රතිරෝධක මැනීම, සහ දිශානති නැඹුරුතා රේඛා භාවිතය, යන මේ මේ සියල්ලම තාක්ෂණික සූචක ලෙස සැළකිය හැක්කේ ඒවා සියල්ලම රඳා පවතින්නේ ප්‍රස්ථාර නිරීක්ෂණය සහ මෑත ඉතිහාසය විමර්ශනය කිරීම තුළින් මිලගණන් කලාපයක් තුළ දෝලනය වේද නැතිනම් රටාවක් අනුගමනය කරාවිද යන්න දැකීමට උත්සාහ දැරීමක් තුළ වීම නිසාය.

තාක්ෂණික සූචකයක් යනු මිල ක්‍රියාකාරීත්වය පදනම් කර ගනිමින් සිදුකරන ගණනය කිරීම් වලින් ලැබෙන ප්‍රථිඵල වල ප්‍රස්ථාරික නිරූපණයක් වන අතර සාමාන්‍යයෙන් ප්‍රධාන ප්‍රස්ථාරය ඔස්සේ එයට පහලින් පෙන්නුම් කෙරේ. බොහෝ වෙළෙන්දන් විසින් පුළුල් පරාසයක තාක්ෂණික සූචක බහුලව භාවිතා කෙරෙනු ලැබේ. ඒවා මගින් කුමක් කුමක් සූචනය කරන්නේද සහ කුමක් විස්තර කරන්නේද යන කරුණු වලට අනුරූපව වර්ගීකරණය කිරීමක් සිදුකළ හැකිය.


දිශානති නැඹුරුතා සූචක

මිල සංචලනය කාලාන්තරයක් තිස්සේ එක් දිශාවකට ගමන් කරමින් පැවතීමේ සංසිද්ධිය විස්තර කිරීමට දිශානති නැඹුරුතාවය යන වචනය යොදා ගැනේ. දිශානති නැඹුරුතා සංචලන දිශානති තුනකට සිදුවේ : ඉහළට , පහළට , සහ හරස් අතට . වෙළෙඳපළ දිශාවේ සංයුක්තය නිර්මාණය කර ගැනීමට දිශානති නැඹුරුතා සූචකයන් සුමට විචල්‍ය මිල දත්ත වේ.

උදාහරණ : සංචලන සාමාන්‍යයන් , දිශානති නැඹුරුතා රේඛා


ප්‍රභලතා සූචක

වෙළෙඳපළ ප්‍රභලතාව මගින් විවිධාකාරයෙන් වෙළෙඳපළට සහභාගීවන්නන් විසින් පිහිටුවා ඇති ගණුදෙනු පිළිබඳව විමර්ශනය කිරීමෙන් සඳහන් කරන ලද මිලක් සඳහා වෙළෙඳපළ මතයෙහි තීව්රතාව විස්තර කෙරේ. උදාහරණ : ධාරිතාව


විචලතා සූචක

සළකන ලද නිපැයුමක වෙළෙඳපළ දිශාවෙන් ස්වායත්තව එහි එදිනෙදා මිලෙහි සිදුවන උච්චාවචනයන්ගි විශාලත්වය, හෝ ප්‍රමාණය විස්තර කිරීමට සාමාන්‍ය වශයෙන් විචලතාව යොදා ගැනේ. සාමාන්‍යයෙන්, විචලතාවයෙහි සිදුවන වෙනස්වීම් මිලෙහි වෙනස්වීම් සිදුවීමට නැඹුරු කරවයි.

උදාහරණ : බොලින්ජර් පෙරමුණු


කාලචක්‍රීය සූචක

සෘතු, මැතිවරණ, වැනි වැදගත් පුනරාවර්තන සිද්ධීන් මෙන්ම, වෙළෙඳපළ සංචලනයන්හි නැවත නැවත සිදුවන රටා සූචනය කිරීමට කාලචක්‍ර භාවිතා කෙරේ. බොහෝ වෙළෙඳපළවල් කාලචක්‍රීය රටා අනුව චලනය වීමට නැඹුරුවක් පවතී. කාලචක්‍රීය සූචක මගින් සුවිශේෂී වෙළෙඳපළ රටාවල කාල නිර්ණය තීරණය කරනු ලැබේ.

උදාහරණ : එලියට් තරංගය


ආධාරක සහ ප්‍රතිරෝධක සූචක

ආධාරක සහ ප්‍රතිරෝධක මගින් වෙළෙඳපළ නැවත නැවතත් ඉහළ නගින හෝ පහළ වැටෙන මෙන්ම හැරෙන මිල මට්ටම් පිළිබඳව විස්තර කෙරේ. මෙම සංසිද්ධිය මූලික ඉල්ලුම සහ සැපයුම ට උපලාක්ෂණික වේ.

උදාහරණ : දිශානති නැඹුරුතා රේඛා


ගම්‍යතා සූචක

සළකන ලද කාල පරාසයක් පුරාවට මිලගණන් වල චලන වේග විස්තර කිරීමට ගම්‍යතාව භාවිතා කෙරේ. ගම්‍යතා සූචක මගින් කාලයක් සමඟ ඉදිරියට යාමේදී මිල දිශානති නැඹුරුතාවෙහි බලය හෝ දුර්වලතාවය නිර්ණය කෙරේ. දිශානති නැඹුරුවක ආරම්භක අවස්ථාවේදී ගම්‍යතාවය ඉහළ අගයක් ගන්නා අතර දිශානති නැඹුරුවක හැරවුම් ලක්ෂයේදී ගම්‍යතාවය අවම අගයක් ගනී. මිල දිශානතියෙහි සහ ගම්‍යතාවයෙහි දිශාවේ ඕනෑම අපසරණයක් මගින් දුර්වලතාවය ඇඟවීමක් සිදුවේ; දුර්වල ගම්‍යතාවයක් සමඟ මිල ආන්තිකයන් සිදුවේනම්, එමගින් සංඥා කෙරෙනුයේ එම දිශාවට තිබූ මිල සංචලනය අවසන් බවයි. මිලගණන් සමතලාව පැවතෙමින් ඇති විටකදී ගම්‍යතාව ශක්තිමත්ව දිශානති නැඹුරුවකට ලක්වේ නම්, එමගින් මිලෙහි දිශාවේ පරිවර්තනයක් වියහැකි බව සංඥා කෙරේ.

උදාහරණ : අනුමානික දෝලක, චලන සාමාන්‍යයේ අභිසරණ අපසාරීතාව, සාපේක්ෂ ප්‍රභලතා අනුක්‍රමණිකාව

Copyright © 2015-2019 uniglobemarkets.com.All rights reserved.
Request a Call Back
ප්‍රතිපෝෂණ