වෙළෙඳපොළ වේලාවන් - Uniglobe Markets

වෙළෙඳපොළ වේලාවන්

වෙළෙඳපොළ වේලාවන්

විදේශ විනිමය හුවමාරු වෙළෙඳපළ දවසේ පැය 24 පුරාම විවෘතව ඇති අතර, ඔබ විසින් තෝරගත් විනිමය යුගල ඔබට ලාභදායී ලෙස වෙළෙඳාම් කළහැකි වඩාත් ක්‍රියාකාරී වෙළෙඳ කාල පරාසයන් දැන ගැනීම වැදගත් වේ.

වෙළෙඳ සැසිවාර යනුවෙන් අදහස් වන්නේ බැංකු ක්‍රියාකාරීව වෙළෙඳාම් කරන කාල පරාසයන්ය. හොඳින් දන්නා පරිදි, විදේශ විනිමය හුවමාරව ක්‍රියාත්මක වන වේලාවන් අසීමිත සහ එය එය විසිහතර පැය පුරා ක්‍රියාත්මක වේ. සැසිවාරයන් පැමිණෙන්නේ , එකකට පසු එකක්, හෝ අර්ධ වශයෙන් එකිනෙක මත අධිස්ථාපනය වෙමින් බැවින්, වෙළෙන්දන්ට ඔවුන්ට පහසු සෑම විටම වෙළෙඳාම් කිරීමට හැකියාව ලැබේ.
විදේශ විනිමය හුවමාරු වෙළෙඳපළ මත වෙළෙඳ සැසිවාර කාලසටහන දැනගැනීමද ප්‍රයෝජනවත් වන්නේ විවිධ වෙළෙඳ සැසිවාර වලට අනුකූලව විනිමය විවිධ ආකාර වලට හැසිරෙන බැවිනි. උදාහරණයක් වශයෙන්, අඩු ක්‍රියාකරී කාල පරාසයක් සැළකූවිට, නිව්යෝර්ක් සැසිවාරය අවසන් වීමෙන් පසුව සහ ටෝකියෝ සැසිවාරය ආරම්භවීමට පෙර, සිඩ්නි සැසිවාරය වෙළෙඳාමට විවෘත වන නමුත් එහිදී ප්‍රධාන සැසිවාර තුනට ( ලන්ඩන්, නිව්යෝර්ක්, ටෝකියෝ ) වඩා බොහෝ මධ්‍යස්ථ ක්‍රියාකාරකම් සිදුවේ එහි ප්‍රථිඵලය වනුයේ, අඩු ක්‍රියාකාරකම් මගින් අඩු මූල්‍යමය ඉඩ ප්‍රස්ථාවන් ලැබීමයි. ඔබට EUR/USD, GBP/USD හෝ USD/CHF වැනි විනිමය යුගල වෙළෙඳාම් කිරීමට අවශ්‍යනම් ඔබට ලන්ඩන් සහ නිව්යෝර්ක් සැසිවාර ක්‍රියාත්මක වෙමින් පවතින විට වැඩි ක්‍රියාකාරකම් සොයාගත හැකිවනු ඇත.


වෙළෙඳ කාලසටහන

කාල කලාපය GMT ( ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාව ) මගින් දක්වා ඇත.

 

කලාපය නගරය ආරම්භය (GMT) අවසානය (GMT)
ආසියාව ටෝකියෝ පෙ.ව. 12.00 පෙ.ව. 09:00
හොංකොං පෙ.ව. 01.00 පෙ.ව. 10.00
යුරෝපය ෆ්රැන්ක්ෆර්ට් පෙ.ව. 07.00 ප.ව. 04.00
ලන්ඩන් පෙ.ව. 08.00 ප.ව. 05.00
ඇමරිකාව නිව්යෝර්ක් ප.ව. 01.00 ප.ව. 10.00
චිකාගෝ ප.ව. 02.00 ප.ව. 11.00
පැසිෆික් වෙලින්ටන් ප.ව. 10.00 පෙ.ව. 06.00
සිඩ්නි ප.ව. 10.00 පෙ.ව. 07.00

වෙළෙඳ සැසිවාර

පහත දැක්වෙන්නේ ඔබට වෙළෙඳපල මගින් වැඩි ලාභයක් ඉපයීමට උපකාරී විය හැකි වෙළෙද සැසිවාර පිළිබඳව කෙටි විස්තර කිහිපයකි.


ආසියානු සැසිවාරය

මෙම විදේශ විනිමය හුවමාරු වෙළෙඳ කාලය පුරාවට වෙළෙඳපළ හුවමාරු මෙහෙයුම් වලදී බොහෝ ක්‍රියාකාරීව ගණුදෙනු වන්නේ ජපන් යෙන් එදිරිව ඇමරිකානු ඩොලරය (USDJPY), ජපන් යෙන් එදිරිව යූරෝ (EURJPY), යූරෝ එදිරව ඇමරිකානු ඩොලරය (EURUSD) සහ ඇමරිකානු ඩොලරයට එදිරිව ඕස්ට්‍රේලියානු ඩොලරය (AUDUSD) වේ.


යුරෝපීය සැසිවාරය

මෙම කාලයේදී ගණුදෙනු පවත්වාගනු ලබන්නේ යුරෝපියානු මූල්‍ය මධ්‍යස්ථාන තුළය. ලන්ඩන් විදේශ විනිමය හුවමාරු වෙළෙඳපළ එහි සැසිවාරය ආරම්භ කිරීමෙන් පසුව වඩා ජනප්‍රිය විනිමය යුගල වල විචලතාවයන් සුවිශේෂී ඉහළ යාමක් පෙන්නුම් කරයි. යුරෝපියානු වෙළෙඳ කාලය අතරතුර විනිමය අනුපාත වල සුවිශේෂී වෙනස්වීම් සිදුවීමට ඉඩ ඇත්තේ මූල්‍ය තොග බහුතරයක් යුරෝපය තුළ සංකේන්ද්‍රනය වී පවතින බැවිනි. මෙම සැසිවාරය තුළදී යූරෝ, මහා බ්‍රිතාන්‍ය පවුම, ඇමරිකානු ඩොලරය වැනි මුදල් වර්ග අධිකව ක්‍රියාකරී වේ.


ඇමරිකානු සැසිවාරය

නිව්යෝර්ක් සැසිවාරය ආරම්භ වීමෙන් ඇමරිකානු බැංකුවල ක්‍රියාකාරීත්වය ඇරඹෙන විට යුරෝපීය අලෙවි නියෝජිතයන් දිවා විවේකයෙන් පසුව නැවතත් ක්‍රියාකාරී වේ මෙවිට විදේශ විනිමය හුවමාරු ක්‍රියාවලිය එහි උපරිම මට්ටමට ලඟා වේ. යුරෝපියානු බැංකු සහ ඇමරිකානු බැංකු සජාතීය බැවින්, යුරෝපීය සැසිවාරය ආරම්භ කරන අවස්ථාව සමඟ සන්සන්දනය කළවිට ඇමරිකානු සැසිවාරය ආරම්භ කරන විට විදේශ විනිමය හුවමාරු වෙළෙඳපළ තුළ සුවිශේෂී වෙනස්කම් සිදු නොවේ. කෙසේවෙතත් යුරෝපීය වෙළෙඳපළ අවසන්වීමෙන් පසුව විචලතාව ඉහළ යා හැකිය. සති අන්තයට පෙර, එනම් සිකුරාදා දිනවලදී මෙය නිතරම දක්නට ලැබේ. ඇමරිකානු සැසිවාරය තුළදී වෙළෙඳාම අනෙක් සැසිවාර වලට වඩා බොහෝ ආක්‍රමණශීලී වන අතර ඇමරිකානු ඩොලරය, යූරෝ, මහා බ්‍රිතාන්‍ය පවුම, ඕස්ට්‍රේලියානු ඩොලරය සහ ජපන් යෙන් අධිකව ක්‍රියාකාරී වේ.

 

Copyright © 2015-2019 uniglobemarkets.com.All rights reserved.
Request a Call Back
ප්‍රතිපෝෂණ