දර්ශක හෝ ලැයිස්තු යනු නිශ්චිත සමාගම් කොටස් සංඛ්‍යාවක් වෙළෙඳ හැකියාවක් ඇති එක් ආයතනයක් තුළට ගොනු කිරීමක් හෝ , එසේත් නොමැති නම් ඊට අදාල වෙළෙඳපල හෝ එහි අංශයක නිරූපනය කිරීමකි. නමුත් එක් එක් සමාගම් කොටස් එහිම මිලදීගැනීම හා විකිණීම සිදුකළ හැකි අතර, දර්ශක සමස්තයක් ලෙස වෙළෙඳාමට යොදා ගත හැකිය. තනි කොටස් වෙළෙඳාම සිදු කරන ආකාරයටම දර්ශක මිලදී ගනීම හා විකිණීම සිදු කෙරේ.
දර්ශක, වැඩි වශයෙන් කලාපීය පදනම් වූ ඒවා වන අතර ආයෝජකයින් සළකන ලද ආර්ථිකයක සෞඛ්‍යසම්පන්නභාවය( ශක්තිමත්භාවය ) තක්සේරු කිරීමට ඒවා භාවිතා කරයි. දර්ශක මත වෙළෙඳාම, ආයෝජකයින්ට නිශ්චිත සමාගමක ආයෝජනය කිරීම වෙනුවට මුළු වෙළෙඳපල පුරාම තම අවදානම පතුරුවා හැරීමට අවස්ථාව සලසයි. ඇමරිකා එක්සත් ජනපදයේ S&P 500 සහ Dow Jones, මහා බ්‍රිතාන්‍යයේ FTSE100, DAX30 වැනි යුරෝපියානු දර්ශක, NIkkei225 සහ ෂැන්හයි දර්ශකය වැනි ආසියානු දර්ශක, වැනි ඒවා ප්‍රධාන දර්ශක වේ.
වෙළෙඳපළ වටිනාකම ∕ ප්‍රාග්ධනීකරණය – අනුපාතයන්හි බර තැබූ සාමාන්‍යය යන සමීකරණය යොදා ගනිමින් බොහෝ දර්ශක ගණනය කරනු ලැබේ, ඉන් අදහස් වන්නේ එක් එක් සමාගමේ විශාලත්වය සැලකිල්ලට ගෙන ඇති බවයි. යම්කිසි වැඩි වටිනාකමකින් යුක්ත සමාගමක් වේ නම්, එම සමාගෙමේ කොටස් මිල සමස්ථ දර්ශකයට වැඩි බලපෑමක් ඇති කරවයි. උදාහරණ: FTSE100
කෙසේවෙතත් මිල – බර තැබූ දර්ශක, යම්කිසි සමාගමක කොටස් මිල මත එම සමාගම දර්ශකය කෙරෙහි ඇති කරන බර පදනම් කර ගනී. උදාහරණ: Dow Jones සහ Nikkei
තම ගණුදෙනුකරුවන්ට ඔවුන්ගේ ලාභ උපරිම කර ගැනීම සඳහා අවම කොමිස් අයකරන සහ අවම සීමාන්තික අවශ්‍යතා සපයන යුනිග්ලෝබ් මාකට්ස් වෙළෙඳ අවකාශය ඔස්සේ ඔබටත් දර්ශක වෙළෙඳාම සිදුකල හැකිය
ඉතා පහසුවෙන් අප සමඟ ගිණුමක් විවෘත කිරීමෙන් අදම අන්තර්ජාලය ඔස්සේ දර්ශක මත වෙළෙඳාම අරඹන්න, වැඩි විස්තර සඳහා අප අමතන්න.
SPX500 මත මිලදී ගැනීමේ ගණුදෙනුව
ගණුදෙනුව විවෘත කිරීමේ ක්‍රියාවලිය
ගණුදෙනුව විවෘත කරන අවස්ථාවේදී SPX500 දර්ශකයේ මිල ඇමරිකානු ඩොලර් $ 2082.60
ඔබ $ 2082.60 අගයට එක් ගිවිසුමක් ( එක් ගිවිසුමක් = 1$ ක දර්ශක ඒකකයක් ) මිලදී ගැනීමට තීරණය කළේ යැයි සිතන්න.
ගණුදෙනුව අවසන් කිරීමේ ක්‍රියාවලිය
සතියකට පසුව SPX500 දර්ශකයේ වටිනාකම $2092.60 දක්වා ඉහළ නැග ඇති බවත් , ඔබ මිලදී ගැනීමේ ගණුදෙනුව අවසන් කර ඔබේ ලාභය ලබා ගැනීමට තීරණය කළේ යැයිද සිතන්න.
වෙළෙඳපළ තුළ සිදුව ඇති වෙනස්වීම = 2092.60 – 2082.60 = 10
ගණුදෙනුවේ දළ ලාභය = 2092.60*1-2082.60*1= ඇමරිකානු ඩොලර් $ 10 ( දර්ශක ඒකකයක් $1යි )