සමාගම් පැතිකඩ - Uniglobe Markets

සමාගම් පැතිකඩ

සමාගම් පැතිකඩ

rebate2

අප කවුරුන්ද? / සමාගම පිළිබඳව හැඳින්වීම

යුනිග්ලෝබ් මාකට්ස් සමාගම ආරම්භ කරන ලද්දේ යුරෝපයේ, උතුරු ඇමරිකාවේ සහ ආසියාවේ වෙනස්වීම සඳහා වන ගිවිසුම් සහ කොටස් වෙළෙඳපළවල මෙන්ම විදේශ විනිමය වෙළෙඳපළහිද සුවිශේෂී අත්දැකීම් ඇති ආර්ථික විශේෂඥයින් සහ ආයෝජකයින් කණ්ඩායමක් විසිනි. මේ හේතුවෙන් විවිධ තරාතිරම්වල ගණුදෙනුකරුවන් හට පහසුවෙන් සාක්ෂාත් කරගත හැකි වඩාත් ආරක්ෂාකාරී මෙන්ම විනිවිද භාවයෙන් යුක්ත වූ විදේශ විනිමය වෙළෙඳාමකට අවස්ථාව ලබා දීම යන අපගේ මූලික ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබී ඇත.

යුනිග්ලෝබ් මාකට්ස් ආයතනය සෑම වර්ගයකම ආයෝජකයින්ට මෙන්ම ආයෝජන ක්ෂේත්‍රයට පා තබන නවක ආයෝජකයින්ටද අතිශයින් සාධනීය ආයෝජන අවස්ථා සපයනු ලැබේ. නවක ආයෝජකයින් රැසකට සාර්ථක ආයෝජකයින් බවට පත්වීමට මහෝපකාරී වූ අපගේ පුහුණු කරවීමේ ක්‍රමවේදය පිළිබඳව අපට ඇත්තේ මහත් වූ ආඩම්බරයකි. අපගේ සියළු ගණුදෙනුකරුවන්ට විදේශ විනිමය වෙළෙදාමේ විවිධ අංග, වටිනා ලෝහ සඳහා වන ලක්ෂීය ආයෝජනය, කොටස් වෙළෙඳපළ ආයෝජනය සහ අනාගතය සඳහා වන ගිවිසුම් යන මේ සියල්ල මත සුපිරි ඉටුකිරීමේ තාක්ෂණය, අවම තැරැව්කරණ ගාස්තු සහ අසමසම ද්‍රවශීලතාවන් අප ලබා දෙන්නෙමු.


අපගේ මූලික සාරධර්ම

• විනිවිදභාවය

• රහස්‍යභාවය

• අවංකභාවය සහ විශ්වාසනීයත්වය

• මනා කැපවීම සහ වගකීම්සහගතභාවය

• නව්‍ය විසඳුම්

• පහසු ප්‍රවේශය


අපගේ ව්‍යාපාරික ආකෘතිය

යුනිග්ලෝබ් මාකට්ස් ආයතනයේ ව්‍යාපාරික ආකෘතිය ගණුදෙනුකරුවන්ට තම අභිමතය පරිදි තෝරාගැනීමට [ඉලෙක්ට්‍රොනික ජාල තුළින් සෘජු ඇණවුම්කරණ ගිණුම් ( STP ) , ක්ෂූද්‍ර ගිණුම්(MICRO) , ඉලෙක්ට්‍රොනික සන්නිවේදනජාල ඇණවුම්කරණ ගිණුම් ( ECN ) සහ නොමිලේ අසීමිතව පුහුණුවීමෙ ගිණුම් (DEMO) ] ආදී වශයෙන් විවිධ ගිණුම් ලබාදෙන අතර තව දුරටත් ඔවුන්ගේ ආයෝජන හැකියාවන් වර්ධනයට ස්ව්‍යංක්‍රීය ආයෝජන පද්ධති සඳහාද අවසර දෙනු ලැබේ. අපගේ සියළුම ගණුදෙනුකරුවන්ට නවීන ඉලෙක්ට්‍රොනික ජාල තුළින් සෘජු ඇණවුම්කරණ (STP) ද්‍රවශීලතාව සහ ක්ෂණික ඉටුකිරීම් මගින් ක්‍රියාකාරී ආයෝජන අවස්ථා සලසා දෙමින් අද්විතීය විදේශ විනිමය වෙළෙඳාම් වටපිටාවක් සැලසේ. අපගේ ගණුදෙනු හැසිරවීමෙන් වැළැකීමේ ආකෘතිය ගණුදෙනුකරුවන්ට තම ගණුදෙනු ක්ෂණිකව අපගේ වෙළෙඳ ජාලයයේ ද්‍රවශීලතා සපයන්නන් තුළින් ඉටුකර ගැනීමට අවස්ථාව උදාකරදී තිබේ. තවද යුනිග්ලෝබ් මාකට්ස් ආයතනය අපටම ආවේණික වූ පුද්ගලික ගිණුම් කළමනාකරණ තාක්ෂණයක් ලබාදෙන අතර දීර්ඝ කාලීනව සාර්ථක ප්‍රතිඵල වාර්තාකළ, ලබාදෙන්නාට සහ එය අනුගමනය කරන්නන්ට එකම ලාභ අලාභ ව්‍යාප්තියක් ඇති බවට සනාථ කළ පළපුරුදු ආයෝජකයින්ගේ ආයෝජන උපක්‍රම වල වාසිය ගණුදෙනුකරුවන්ට ලබාගැනීමට හැකිවේ.


අපේ ඉලක්කය ∕ අපගේ අභිප්‍රාය

යුනිග්ලෝබ් මාකට්ස් ආයතනයේ අභිප්‍රාය වනුයේ පෞද්ගලික ආයෝජකයින් සහ ආයෝජන ආයතන යන දෙපාර්ශ්වයටම විශිෂ්ට වූත්, වඩාත් විනිවිද වූත් ආයෝජන වටපිටාවක් සකස් කරදෙමින් දැඩි අවධානයක් යුතුව ඔවුන්ගේ ආයෝජන ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යාමට ඉඩ සලසාදීමයි. අපගේ සියලු සේවාදායකයින්ගේ ආයෝජනයේ ප්‍රමාණය හෝ අයෝජන අත්දැකීම් මට්ටම නොසලකාහරිමින් විශ්වාසනීය දැරිය හැකි මට්ටමේ සේවාවක් පුද්ගලිකව සහ රහසිගතව සමීප කරවීමට කැප වී සිටින්නෙමු.

 


Copyright © 2015-2019 uniglobemarkets.com.All rights reserved.
Request a Call Back
ප්‍රතිපෝෂණ